Hiru News


Breaking: හොරණ රාජ්‍ය බැංකුවේ මුදලක් කොල්ලකෑම සම්බන්ධයෙන් එම බැංකුවේ සහකාර කළමනාකරුවෙකු සහ ආරක්ෂක නිලධාරියකු අත්අඩංගුවට | හොරණ - බටගොඩ වැඩිහිටි නිවාසයේ ඇතිවූ ගින්නෙන් රෝහල් ගත කළ තවත් අයෙක් ජීවිතක්ෂයට | ඩොලරයේ විකුණුම් මිල අද රුපියල් 342ක් ලෙස සටහන් වෙයි | ඉහළයන වැඩිහිටි ජනගහනයට චීනයෙන් විසදුමක් | විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස වෙනස් කිරීමට කොළඹ මහාධිකරණ නීතිඥ සංගමයේත් විරෝධය |

Latest News

ප්‍රදේශ කිහිපයකට අදත් මි. මී. 100 ඉක්මවූ තද වැසි

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් අද (05) විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරනවා.බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි. මී. 100ක පමණ තද වැසි ඇති විය හැකියි.එසේම අනුරාධපුර දිස්ත්‍රික්කයේ වැසි ස්වල්පයක් ඇති විය හැකි බවයි එම නිවේදනයේ සඳහන් කර ඇත්තේ.මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශ වලත්, උතුරු සහ උතුරු - මැද පළාත්වලත් හම්බන්තොට සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැ.කි.මී. (40-50) පමණ තද සුළං ඇති විය හැකියි.සෙසු ප්‍රදේශ වල විටින් විට හමන පැ.කි.මී. (30-40) පමණ තරමක තද සුළං ඇති විය හැකි බවට සඳහන් වෙනවා.තවද, ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසයි එම දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ.

නාවලපිටියේ දී ත්‍රීරෝද රථයක් මතට ගසක් කඩා වැටී සිසුවෙක් ඇතුළු තිදෙනෙක් මරුට

නාවලපිටිය මාපාකන්ද ප්‍රදේශයේ සිට නාවලපිටිය දක්වා ධාවනය වූ ත්‍රීරෝද රථයක් මතට ප්‍රධාන මාර්ගය අභියස තිබූ යූ කැලිප්ටිස් ගසක් කඩා වැටිමෙන් එම ත්‍රීරෝද රථයේ ගමන් ගත් පාසල් සිසුවෙක් සහ කාන්තාවන් දෙදෙනෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.අද (04) උදෑසන 6:45ට පමණ සිදු වූ මෙම අනතුරින් ත්‍රීරෝද රථයේ රියදුරා දිවි ගලවා ගෙන ඇති බවයි නාවලපිටිය පොලිසිය කියා සිටියේ.ගස කඩා වැටිමෙන් යට වී මිය ගොස් සිටි තිදෙනා නාවලපිටිය පොලිසියේ නිළධාරින් සහ ප්‍රදේශවාසීන් එක්ව ගස කපා ඉවත් කර සිරුරු නාවලපිටිය දිස්ත්‍රික් මහ රෝහල වෙත යොමු කර තිබෙනවා.ප්‍රදේශවාසීන් පවසන්නේ කාලයක් තිස්සේ දිරාපත් වි තිබූ එම ගස කපා ඉවත් කරන ලෙස අදාළ ආයතන වෙත දැනුම් දී තිබුණත්, එයට මෙතෙක් විසඳුම් නොලැබිම හමුවේ එම ගස ත්‍රීරෝද රථයක් මතට කඩා වැටීමෙන් මෙවැනි විපතක් සිදු වි ඇති බවයි. අනතුර පිළිබඳ නාවලපිටිය පොලිසිය පරීක්ෂණ පවත්වනවා.

හෙල්ල විසි කිරීමේ ලෝක ශ්‍රේණිගත කිරීම්වලින් රුමේෂ් තරංග ස්ථාන දෙකක් ඉදිරියට

මළල ක්‍රීඩක රුමේෂ් තරංග හෙල්ල විසි කිරීමේ ලෝක ශ්‍රේණිගත කිරීම්වල 05 වන ස්ථානයට පත්ව තිබෙනවා. ඔහු මීට පෙර ලෝක ශ්‍රේණිගත කිරීම්වල 07 වන ස්ථානයේයි පසුවුණේ. මෙය ශ්‍රී ලංකා මළල ක්‍රීඩකයෙකු ලෝක ශ්‍රේණිගත කිරීම්වල ඉහළම ස්ථානයකට ගිය පළමු අවස්ථාව වනවා. මේ අතර, රුමේෂ් තරංග අද ඉතාලියේදී රෝම ඩයමන් ලීග් මළල ක්‍රීඩා තරගවලියට එක්වීමට නියමිතයි.

හොරණ රාජ්‍ය බැංකුවේ මුදලක් කොල්ලකෑම සම්බන්ධයෙන් එම බැංකුවේ සහකාර කළමනාකරුවෙකු සහ ආරක්ෂක නිලධාරියකු අත්අඩංගුවට

හොරණ රාජ්‍ය බැංකුවේ මුදලක් කොල්ලකෑම සම්බන්ධයෙන් එම බැංකුවේ සහකාර කළමනාකරුවෙකු සහ ආරක්ෂක නිලධාරියකු අත්අඩංගුවට...

හොරණ - බටගොඩ වැඩිහිටි නිවාසයේ ඇතිවූ ගින්නෙන් රෝහල් ගත කළ තවත් අයෙක් ජීවිතක්ෂයට

හොරණ - බටගොඩ වැඩිහිටි නිවාසයේ ඇතිවූ ගින්නෙන් රෝහල් ගත කළ තවත් අයෙක් ජීවිතක්ෂයට...

ඩොලරයේ විකුණුම් මිල අද රුපියල් 342ක් ලෙස සටහන් වෙයි

ඩොලරයේ විකුණුම් මිල අද රුපියල් 342ක් ලෙස සටහන් වෙයි...

ඉහළයන වැඩිහිටි ජනගහනයට චීනයෙන් විසදුමක්

ඉහළයන වැඩිහිටි ජනගහනයට චීනයෙන් විසදුමක්...

විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස වෙනස් කිරීමට කොළඹ මහාධිකරණ නීතිඥ සංගමයේත් විරෝධය

විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස වෙනස් කිරීමට කොළඹ මහාධිකරණ නීතිඥ සංගමයේත් විරෝධය...

ප්‍රදේශ කිහිපයකට අද රාත්‍රී 8.00 දක්වා ජල සැපයුම අත්හිටුවයි

ප්‍රදේශ කිහිපයකට අද රාත්‍රී 8.00 දක්වා ජල සැපයුම අත්හිටුවයි...

චීන ජනපති ෂී ජින්පින්ග් ලබන සතියේදී උතුරු කොරියාවේ සංචාරයකට සැරසෙයි

චීන ජනපති ෂී ජින්පින්ග් ලබන සතියේදී උතුරු කොරියාවේ සංචාරයකට සැරසෙයි...